Vision Care Hearing Solutions

Vision Care Hearing Solutions provide digital hearing aids in Sri Lanka at unbeatable prices.

පිටතට පෙනෙන ශ්‍රවණ උපකරණයෙන් නොපෙනෙන එකකට මාරුවෙන්න

  • #කන තුළ පළඳින ශ්‍රවණ උපකරණ
  • #ඇසීම
පිටතට පෙනෙන ශ්‍රවණ උපකරණයෙන් නොපෙනෙන එකකට මාරුවෙන්න

“ඇසීම” කියන්නෙ එදිනෙදා ජීවිතයේදී මිනිසාට සන්නිවේදනය සඳහා උපයෝගී වන එකම මාධ්‍ය වේ- ඇසීම හේතුකොට ගෙන ඔබගේ මොළය නිරන්තරයෙන් විශාල පරාසයක විහිදුනු තොරතුරු රැසක් ලබා ගන්නා අතර, එය මොළයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරව පවත්වා ගැනීමට ඉමහත් රුකුලක් වේ- නමුත් වර්ථමාන සමාජයේ පවතින කාර්යභහුලත්වය නිසාම බොහෝදෙනා තම ශ්‍රවණ සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි- තමාට ශ්‍රවණ ඌණතාවයක් ඇති බව හඳුනාගත්තද නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවෙයි- මෙයට බලපාන තවත් එක් ප්‍රධාන කරුණක් වනුයේ ශ්‍රවණ උපකරණ පැළඳීමට ඇති අකමැත්තයි.

වර්ථමානයේ සීග්‍රයෙන් දියුණු වන තාක්ෂණයත් සමඟ ශ්‍රවණ උපකරණද පරිණාමය වී ඇත- කෙනෙකු තමාගේ වෘතීය නිසා හෝ වෙනයම් කරුණක් හේතු කොටගෙන පිටතට පෙනෙන ශ්‍රවණ උපකරණ පැළඳීමට අකමැත්තක් දක්වන්නේ නම්, එවන් කෙනෙකුට පැළඳිය හැකි පිටතට නොපෙනෙන ශ්‍රවණ උපකරණ මාදිලි රැසක් අද වෙළඳපොලේ පවතී.

කන තුල පළඳින ශ්‍රවණ උපකරණ
කන තුල පළඳින ශ්‍රවණ උපකරණවල අඩංගු වන්නේ කන තුලට සවි කරන කොටසක් පමණයි- කන පිටුපසින් කුමන ආකාරයේ හෝ කොටසක් සවි වන්නේ නැහැ- නමුත් ශ්‍රවණ උපකරණයෙන්, කනෙහි ආවරණය වන ප්‍රදේශය අනුව සහ එයට ඇතුලත් කල හැකි අංගෝපාංග (features) අනූව එම උපකරණ වර්ග පහත දැක්වෙන පරිදි වේ.

මේවා FS, ITC, ITE, CIC සහ IIC යනුවෙන් හඳුන්වනු ලබනවා- මෙයින් දැනට ලොව පවතින කුඩාම උපකරණය වන්නේ IIC (Invisible In the Canal) කියන ශ්‍රවණ උපකරණයයි- මෙම උපකරණය කනෙහි බාහිර නාලය තුල පිටතට නොපෙනෙන ආකාරයට නිශ්පාදනය කල හැක.

මෙම කන තුල සවිකරන ශ්‍රවණ උපකරණ ඕනෑම කෙනෙකුට ගැලපෙනවාද?
යම් කෙනෙකුගේ ඇසීමේ අඩුවට සරිලන ආකාරයට ශ්‍රවණ උපකරණ තෙරීම, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා- කන තුල පළඳින ශ්‍රවණ උපකරණයක් තේරීම සිදුකරනු ලබන්නේ ශ්‍රවණ පරීක්ෂාවකින් සහ කනෙහි නාලයේ ප්‍රමණය මැන ගැනීමෙන් පසුවයි- නමුත් වර්ථමානයේ පවතින තාක්‍ෂණය අනූව කන තුල පළඳින කුඩාම ශ්‍රවණ උපකරණයක් නිශ්පාදනය කිරීමට, කනෙහි නාලයේ හැඩය කුඩාවීම අභියෝගයක් නොවේ- මෙම ශ්‍රවණ උපකරණ නිපදවනු ලබන්නේ ත්‍රිමාන ඡායරූපකරනය සහ ලේසර් කිරණ භාවිතයෙන් වන නිසා ඉතාම කුඩා ශ්‍රවණ නාලයක් තිබෙන කෙනෙකුට වුවද මෙම උපකරණ ලබා ගැනීමේ හැකියාවක් ඇත.

මීට අමතරව එකම ප්‍රමාණයේ ශ්‍රවණ උපකරණයක වුවද විවිධ තාක්ෂණික මට්ටම් තිබෙන නිසා ශ්‍රවණ උපකරණ මිලදී ගැනීමට පෙර අත්හදා බැලීම අනිවාර්යය වේ.

කන තුළ පළඳින ශ්‍රවණ උපකරණ භාවිතය සහ එහි වාසි අවාසි
මෙම කන තුල පළඳින ශ්‍රවණ උපකරණ වල භාවිතයද කන පිටුපස පළඳින ශ්‍රවණ උපකරණ හා සමානයි- මෙය පැළඳීමට සහ ඉවත් කිරීමට කුඩා නූලක් වැනි කොටසක් සවිකර තිබෙන අතර මෙම උපකරණ ඉතාමත් කුඩා බැවින් 80% කට වැඩි ශ්‍රවණ ඌණතාවයක් තිබෙන කෙනෙකුට මෙය පැළඳීම අසීරු විය හැක. මෙම උපකරණයේ ඇති ප්‍රධාන වාසියක් වනුයේ කන තුල පළදින නිසා දහදියට නිරාවනය නොවීමයි- එය ශ්‍රවණ උපකරණයේ දීර්ඝ කාලීන පැවත්මට මහත් රුකුලක් වේ.

මෙම සියලු ශ්‍රවණ පරීක්‍ෂණ සහ ශ්‍රවණ උපකරණ අත්හදා බැලීම විෂන් කෙයා ප්‍රධාන ශාඛාවෙන් නොමිලේ ලබාගත හැක.

“සුපැහැදිලි ශ්‍රවණය ජීවිතය අර්ථවත් කරයි”

වැඩි විස්තර සඳහා අමතන්න
ශ්‍රවණවෙදී – බුද්ධිනි නෝනිස් මෙනෙවිය -77 305 3191
විෂන් කෙයා ඔප්ටිකල් සවිසස් (පුද්) සමාගම
6, වෝඞ් පෙදෙස, කොළඹ 07

top views

Jul 25 2024

Because your loved ones matter

Oct 23 2024

Oticon Intent: Engage with Life using The World's First Sensor-Driven Brain Hearing Technology

Oct 24 2024

Audiologist Travel Diaries - From Colombo to Copenhagen!

Recent Blogs

Sep 09 2024

ශ්‍රවණ උපකරණ සදහා විෂන් කෙයා විශේෂ ඇයි ?

Jul 25 2024

Because your loved ones matter

Nov 26 2020

Does wearing Face Masks hinder the hearing environment ?
NEWSLETTER

Get Latest Update By Subscribing To Us

Your subscription could not be saved. Please try again.
Your subscription has been successful.
How can I help you?

Hello!

Click one of our representatives below to chat on WhatsApp or send us an email to hearingsolutions@visioncare.lk

Vision Care Hearing Solutions
Whatsapp
Support Chathira Siriwardena